සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ලුම්බිණි සල් උයන පිහිටි මහා කරුණා සමාපත්තියෙන් ලෝ දෙස බැලූ බුදුන් වහන්සේ උපත සිහි ගැන්වෙන නේපාලය , 2001 වසරේ නේපාලයේ ඔටුන්න හිමි දිපේන්ද්‍ර කුමරු විසින් බියේන්ද්‍ර රජු ඇතුළු රාජකීය පිරිස ඝාතනයෙන් පසුව වාර්තා වූ කෲරම ඝාතනයන් නේපාලයේ GenZඅරගලය සමඟ පැතිර යමින් රාජ්‍ය අස්ථාවරත්වය ඇති කරමින් ඇත.
එදා 2022 ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම පසුබිම්ව තීරණාත්මක අවස්ථාවේ රනිල් රටේ පාලනය ලබා ගනිමින් ඉතාම ඥානාන්විතව අරගලකරුවන් කළමනාකරණය කරමින් තමන්ට වඩා වෙනස් මතවාදී කණ්ඩායම්වල සහය තමාට නතු කරගනිමින් රටම කළමනාකරණය කර නොගන්නට මේ රට නවතින්නේ පාර්ලිමේන්තුව ගිනි තබමින් පාලනය බිඳ වැටෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තබමින් නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙමින් අද නේපාලය ඉතිහාසයේ දරුණුතම යුගය උදා කරගනිමින් සිටින පසුබිමට සමාන පසුබිමක.
එසේනම් රනිල් නොවන්නට මේ රට නවතින තැන තැන තැන නේපාලයට සමානවනු ඇත.
ශ්‍රීලංකාවේ ජනතාව ආර්ථික බිඳ වැටීම නේපාලයේ ජනතාව සමාජ මාධ්‍ය තහනම යන වෙනම කාරනා දෙකකට අරගලය පසුබිම් වුවත් මේ කාරණා දෙකේදීම භූදේශපාලනය පසුබිම් වීම් නොරහසක්. විදේශ බුද්ධි අංශ ක්‍රියාකාරකම් ද මේ අස්ථාවර අරාජික පසුබිම්ව සිදුවන්නක්.
පකිස්ථාන බලුකිස්තාන ආර්ථික කොරිඩෝව, ඇෆ්ගනිස්තාන භූසම්පත් අරඹයා බංගලිදේශයේ රෙදිපිළි කර්මාන්ත කඩා වැටීම අදාල රටවල අරගලයන්ට පසුබිම්ව සිදුවීම වගේම ශ්‍රීලංකාවේ සුවිශේෂී පිහිටීමත් භූ දේශපාලනිකව ඉතාම වැදගත්.
කොටින්ම දකුණු ආසියා කලාපයේ අස්ථාවරත්වය සමස්ත කලාපයේම ආර්ථිකය කෙරෙහිද බලපෑමක් කරන්නක්.
දේපළ ගින්නෙන් දැවෙන,මහජන නියෝජිතයන් වාහන තුළට දමා පහර දී පුළුස්සා දැමීමට උත්සාහ කල , මහපාරේ මහජන නියෝජිතයන් ඝාතනය වූ පසුබිමක රනිල් සිය දේශපාලන පරිචය දීර්ඝ දේශපාලන අත්දැකීම් ඉතාම සුහුරු ලෙස භාවිතා කර රටක් නිවා සැනසූවේ සැබෑ දේශප්‍රේමීත්වය ,මානව හිතවාදය හා වෛරය වෙනුවට සමාව දීම හා මෛත්‍රී සිත් යලි ජනතාව තුල පුබුදු කරමින්.
රනිල් ලංකා ඉතිහාසය තුල සුවිශේෂීව ලියවෙන සැබෑ ජනතා වීරවරයෙක් වන්නේ ඒ නිසාම යි.
~ පුබුදු වික්‍රමආරච්චි