ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙරට අතර තරගයෙන් පසු, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පාකිස්ථාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.
මේ වසර මුලදී දෙරට අතර ඇති වූ ගැටුමෙන් පසු දෙරටේ ක්‍රීඩකයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළමුවරට හමුවූයේ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය.
ඩුබායි හි පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පකිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු හතකින් ජයග්‍රහණය කළ අතර, තරගය ජයගහණය කරන අවස්ථාවේ පිටියේ පන්දුවට පහර දෙමින් සිටි නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩූබ් සුපුරුදු පරිදි පිටය මැදදී ප්‍රතිවාදීන්ට අතට අත දීම වෙනුවට වහාම පිටියෙන් ඉවත් විය.
පසුව, පකිස්ථාන ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වන විට ඉන්දීය ක්‍රීඩකයින් සිටි ස්ථානය (dugout ) දෙසට ඇවිද යන බවක් පෙනෙන්නට තිබුණත්, ඉන්දීය ක්‍රීඩකයින් ඒ වන විටත් ඇඳුම් මාරු කරන ස්ථානය වෙත ආපසු ගොස් තිබිණි.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුවද සූර්යකුමාර් සහ පාකිස්ථාන නායක සල්මන් ආගා අතර අතට අත දීමක් සිදු නොවීය.
“පැහැදිලිවම, අපි තරගය අවසානයේ අතට අත දීමට සූදානම්ව හිටියා,” නවසීලන්ත ජාතික පකිස්ථාන පුහුණුකරු හෙසන් පැවසීය.
“අපේ ප්‍රතිවාදීන් එහෙම කළේ නැති එක ගැන අපිට කලකිරුණා.”
තරගයෙන් පසු, සූර්යකුමාර් ජයග්‍රහණය විස්තර කළේ “පෙරළා ඉන්දියාවට ලැබුණු පූර්ණ තෑග්ගක්” ලෙසයි.
ඔහුගේ අවසාන ප්‍රශ්නයෙන් පසු ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපි ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් සහ පවුල් සමඟ සිටින අතර අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කරනවා.”
“අද දින ජයග්‍රහණය, නිර්භීතකම පෙන්වූ අපගේ සියලුම සන්නද්ධ හමුදාවන් වෙනුවෙන් කැප කරන්න අපි කැමතියි.” ඔහු පැවසීය.
ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාවේදී පකිස්ථාන ක්‍රීඩකයින් ප්‍රතිචාර දැක්වූයේ නොමැත. හෙසන් පසුව පැවසුවේ ආගා එසේ නොකිරීමට තීරණය කළේ ඉන්දීය ක්‍රීඩකයින් අතට අත නොදීම නිසා බවයි.
“අපි අතට අත දෙන්න යනෙකාට, ඒගොල්ලෝ ඒ වෙනකොටත් ඇඳුම් මාරු කරන කාමරේට යමින් හිටියා,” හෙසන් පැවසීය.
“තරගය අවසන් වීමෙන් පස්සේ ඒක කලකිරෙන සිද්ධියක් වුණා. අපි ක්‍රීඩා කළ ආකාරය ගැන අපි කලකිරීමට පත් වූ තරගයක් වුණත් අපි නිසැකවම ගිහිල්ලා ඒඅයට අතට අත දෙන්න කැමැත්තෙන් හිටියා.”
-bbc sinhala