දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන සාගර ඉහළ යාම සහ ගංවතුර හේතුවෙන් 2050 වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියනයකට අධික පිරිසකගේ නිවාස හා ජීවනෝපායන්ට තර්ජනයක් වන බව එරට මාධ්‍ය පවසනවා.
එමෙන්ම තාපය ආශ්‍රි රෝගවලින් සිදුවන මරණ ඉහළ යනු ඇති බවත් එම වාර්තාවල සදහන්
කෙසේ වෙතත් මේ තත්වය හේතුවෙන් ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි, කදු නායයෑම් යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බවත් මෙය කිසිසේත් වලක්වා ගැනීමට ප්‍රමාද වැඩි බවත් එරට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසනවා.
මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට ළගා වී ඇති අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් වැඩි වුවහොත්, රටේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන සිඩ්නි හි තාපය ආශ්‍රිත මරණ 400% කට වඩා ඉහළ යා හැකි බවයි එම වාර්තා වල සදහන් වන්නේ.