උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව එම කාලගුණ නිවේදනයේ සඳහන්.
ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන සහිත ස්ථානවල සිටීම,වැඩිහිටි පුද්ගලයන් හා කුඩා දරුවන් පිළිබඳව විමසිලිමත් වීම වැනි දේවල් පිළිබඳ අවධානය යොමු කල යුතුයි.
උෂ්ණාධික ප්‍රදේශවල ජිවත් වන පුද්ගලයන් සුදු වහෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතවට දැනුම් දෙනවා.