හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබෙනවා.
ඒ ප්‍රසිද්ධ රැස්වීම්වල දී වගකීම් විරහිත ලෙස ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසයි.
තිසකුට්ටි ආරච්චි මෑත කාලීනව සිදුකළ මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බව ද ඔහු පවසා තිබෙනවා.
පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණේ,
“මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා..ළඟම හිතවතා. එහෙමයි කියලා මට ගිහින් කියන්න බැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා. ලංකාවේ වැඩිම ප්‍රතිශතයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට අන්න එයාට ගිහින් කියන්න විතරයි තියෙන්නේ.. අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා කියලා. අනුරාධපුරයේ මිනිස්සුන්ට දැන් ඔයා සලකන්න කියලා.”
හෙට (25) දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බවද වාර්තා වනවා.