හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය තත්ත්වය මත විදෙස්ගත වීමට සූදානම් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ඒ අනුව, ඔහු ප්‍රංශය, එංගලන්තය හෝ ඉන්දියාව වැනි රටකට පිටත් වීමේ සලකා බැලීම් සිදු කරමින් සිටින බව වාර්තා වෙයි.
මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය තුළ විපක්ෂයේ වගකීමක් භාරගැනීමට ආරාධනා ලැබූ වික්‍රමසිංහ මහතා, ඉදිරි දේශපාලන වැඩසටහන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා දේශපාලන රැස්වීම් දහසක් පැවැත්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් පලකර තිබෙනවා.
කෙසේවෙතත්, නිශ්චිත දිනයක් තවමත් තීරණය වී නැති අතර, මෙම වසර අවසානයේදී ඔහු විදෙස් ගතවනු ඇති බවයි දේශපාලන ආරංචි සිටින්නේ.