අද (25) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසා සිටියේ, ඉදිරියේ දී කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවය.
ඇතැම් අවස්ථාවලදී කථානායකවරයා අපක්ෂපාතී ලෙස කටයුතු නොකිරීම, ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම සහ මන්ත්‍රීවරුන්ගේ උත්තරීතරභාවය අහිමි කරවන පියවර ගැනීම හේතුවෙන් ඔහු තවත් ඉදිරියට එම ධුරය දැරීමට සුදුසු නැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය තීරණාත්මක පියවර ගෙන, කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වී ඇති බවද අජිත් පී. පෙරේරා මහතා පැහැදිලි කළේය.