මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගත් ඩක්කුවක් කඩා වැටීමෙන් සිදු වූ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා දන්වා තිබුණේ තුවාල ලැබ රෝහල් ගතව ප්‍රතිකාර ලබන භික්ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවේදනයේ සදහන් වන්නේ සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා නික්ම ගියේ බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක්කරමින් බවයි.
අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලා පැතූ නිර්වාණ සුවය ලැබේවායි හිටපු ජනපතිවරයා ප්‍රාර්ථනා කර තිබෙනවා.