දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල පලතුරු හා එළවළු මිල ගණනේ දැවැන්ත වෙනස්කම් දක්නට ලැබේ.
වෙළඳ සංගම සභාපති පී. ඒ. සිරිවර්ධන මහතා සඳහන් කළේ, දෙහි කිලෝවක් රු. 1700 – 1800 අතරට යාමට හේතු වූයේ අස්වැන්න අඩුවීම සහ ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීම බවයි.
ඉන්අතුරින්, වට්ටක්කා කිලෝවක තොග මිල රු. 30 සිට 60 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම,
වම්බටු කිලෝව රු. 230,
බීට් රු. 50 – 60,
තක්කාලි රු. 110,
බණ්ඩක්කා රු. 160,
නෝකෝල් රු. 130
මිලට දැනට අලෙවි වන බවයි සභාපතිවරයා පැවසූයේ.
මෙම ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ටත්, වෙළඳකරුවන්ටත් අමාරු තත්ත්වයක් උදා වී ඇති බවද ඔහු අවධාරණය කළා.