හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය හිමිකම් පනත යටතට නොගැනෙන බවත් එම පනත අහෝසි කිරීම ආරක්ෂව ඉවත් කිරීමට හේතුවක් නොවුණු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට රජයට භාර දී ඇත.
නමුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.