මෙරට ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමේ පැවතිය යුතු නමුත් ළඟාකරගෙන ඇත්තේ 0.5%ක් තරම් ඉතා අඩු අගයක් බව ලෝක බැංකුව පවසයි.
එහි නියෝජිතයින් අවධාරණය කරන්නේ මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙන ඒමට කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසය.
රටේ වත්මන් FDI ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.5 ක් තරම් ඉතා අඩු අගයක් ගැනීම සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රමාණවත් නොවන බවත් ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.
ලෝක බැංකුවේ නියෝජිතයන් විසින් අද පැවති, මාධ්‍ය හමුවක දී මේ බව පැවසුවේය.
එහිදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් කියා සිටියේ, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට ‘වෙනස්කම් මාලාවක් සිදු කිරීමට සිදුවන බවයි.
මෙම FDI අගය පෙරදී 1%ක් පමණ වූ අතර එය තවදුරටත් පිරිහී ඇති බව වෝකර් පෙන්වා දුන්නේය..
නමුත් එය 1.5%ක් පමණ විය යුතු බවත්, මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල එය 3%ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.
FDI ආකර්ෂණය කර ගැනීමේ ප්‍රධාන බාධාවක් ලෙස ඉඩම් ලබා ගැනීමේ අසීරුතාවය, පැරණි යල් පැන ගිය කම්කරු නීති , කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීම, ආදිය පෙන්වා දුන්නේය.
මෙම ව්‍යුහාත්මක ගැටළු විසඳා නොගතහොත්, විදේශ ආයෝජන සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකාවට අපහසු වනු ඇතැයි” බවත් වෝකර් අවධාරණය කළේය.
මේ අතර පසුගියදා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2025 ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පරිසරය පිළිබඳව බරපතල කනස්සල්ල පළකර තිබුණේය.
එම වාර්තාව මඟින් 2024 ජූලි මාසයේදී සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතේ සඳහන් වන නියාමන ආයතන පිහිටුවමින් එම පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කර තිබිණි.