ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද (10) පෙරවරුවේ සිදු කර තිබෙනවා.
ජනාධිපති අනුර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම වෙනස්කම් සිදු කර තිබෙනවා.
ඒ අනුව බිමල් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අනුර කරුණාතිලක වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, සුසිල් රණසිංහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.
අනුර කරුණාතිලක පෙර නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර සුසිල් රණසිංහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
මෙම කැබිනට් සංශෝධනයේ අරමුණ වී ඇත්තේ ඉදිරි අයවැයට අනුකූලව ජාතික සංවර්ධන ඉලක්ක වල කාර්යක්ෂමතාවක කඩිනම් කිරීම බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු පහතින් දැක්වේ.
01. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
02. අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
02. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
01. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
02. ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
03. එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
04. එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05. වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
06. අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
07එච්.එම්. දිනිඳු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
08. යු.ඩී. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
09. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
10. එම්. එම්. අයි. අර්කම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය