මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවකට ඇප ලබාගත හැකිවන අන්දමින් නඩු පවරන ලෙස පවසා විදෙස්ගතව සිටින අපරාධකරුවෙකු වන ජගමුණි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජීවගේ පාර්ශ්වය විසින් පොලිස් පරීක්ෂකවරයෙක්ට මරණ තර්ජනය කර තිබෙනවා.
අහුංගල්ල පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවයෙකුටයි මෙලෙස මරණ තර්ජනය කර තිබෙන්නේ.
අදාළ පුද්ගලයා දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැණ වදිමින් පවසා ඇත්තේ එලෙස නොකළහොත් මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවකදී වෙඩි තබා හෝ රිය අනතුරකට ලක්කර මරා දමන බව බවයි.
උප පොලිස් පරීක්ෂකවරයා අහුංගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් මේ වන විටත් පරික්ෂණ පවත්වනවා