නේපාලයේ දි අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්දි අද (15) දින දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටිය දී නේපාල ආරක්ෂක අංශ විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉෂාරා සෙව්වන්දි සමග තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔවුන් අතර දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ සමීපතමයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වනවා.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර, කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් අදාළ ඝාතනය සිදුකර තිබුණා.
පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, ඉෂාරා සෙව්වන්දි මිනුවන්ගොඩ පදිංචි කාරිණියක බවයි.
ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන ඒම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් එලෙස දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ, දැනටමත් නේපාලයේ සිටින CID කණ්ඩායමට සහාය වීම සඳහා බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ඔවුන් අද සවස දිවයිනට පැමිණීමට නියමිතය.














