හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය 98වන ස්ථානයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිතව ගමන් කළ හැකියි.
තවමත් ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය වන්නේ සිංගප්පූරුවයි.
එම ගමන්බලපත්‍රයෙන් රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකියි.
දකුණු කොරියාව මෙම දර්ශකයේ දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා.
එම බලපත්‍රයෙන් රටවල් 190කට ගමන් කළ හැකියි.
ජපානය තෙවන ස්ථානයේ පසුවනවා.
එමඟින් ගමන් කළ හැකි රටවල් සංඛ්‍යාව 190 ක්.
අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ තිබෙනවා.
ඔව්න් පසුවන්නේ 85වන ස්ථානයේ. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිතව ගමන් කළ හැකියි.
බංග්ලාදේශය සහ පාකිස්තානය පිළිවෙලින් මෙහි 100 සහ 103වන ස්ථානයේ පසුවනවා.
මෙහි අවසන් ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්තානයටයි.
ඔවුන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන් කිරීමේ පහසුකම පවතිනවා.
ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ පසුවුණා.
2024 වසරේ දී 96 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව පසුවන්නේ 98 වන ස්ථානයේ.













