2025 ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) පස්වරුවේ සමත්වුණා.
කොළඹ තුරඟ තරඟ පිටියේ තෙවන ස්ථානය වෙනුවෙන් පැවැති තීරණාත්මක තරඟයෙන් චීනය 19 – 14ක් ලෙස පරාජය කරමින් ඔවුන් මෙම ස්ථානය දිනා ගනු ලැබුවා.
අවසන් පූර්ව වටය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකා අවසන් පූර්ව තරඟයෙන් ප්‍රබල ජපානය හමුවේ ලකුණු 12 – 15ක් ලෙස පරාජය වීම හේතුවෙන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සිදුවුණා.