ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව තුළ සිදු කළ “PATHFINDER 2” නමින් හැඳින්වෙන නව සායනික අධ්‍යයනයකින් පෙන්වා ඇති පරිදි, පිළිකා වර්ග 50කට අධික සංඛ්‍යාවක් ඉක්මනින් සහ ඉතා නිරවද්‍ය ලෙස හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්ෂණයක් සාර්ථක ලෙස පරීක්ෂා කර ඇත.
ජර්මනියේ බර්ලීන් නගරයේදී පැවති යුරෝපීය සම්මේලනයකදී (ESMO) මෙම පරීක්ෂණය සම්බන්ධ නවතම ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“Galleri” ලෙස හඳුන්වන මෙම පරීක්ෂණය, රුධිරයේ සංසරණය වන පිළිකා සෛල මගින් නිපදවන DNA කොටස් (cell-free DNA) විශ්ලේෂණය කිරීම මගින් රෝගී තත්ත්වයන් අනාවරණය කරයි.
අධ්‍යයනය සඳහා අවුරුදු 50ට වැඩි පුද්ගලයන් 25,000කට අධික සංඛ්‍යාවක් සහභාගි කර තිබුණි. එහිදී පරීක්ෂණයෙන් අනාවරණය වූ නව පිළිකා රෝගීන්ගෙන් සියයට 53.5 ක් මුල් අවධි (I හෝ II අවධි) තුළ හඳුනාගැනීමට හැකිවී තිබුණා යැයි විද්‍යාඥයන් පැවසීය.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම තාක්ෂණය භාවිතා කරමින් පිළිකා රෝගීන් මුල් අවධියේදී හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර වල සාර්ථකතාව දැඩිව ඉහළ දැමිය හැකි බවයි.