ඇමසන් වෙබ් සේවා (AWS) ක්‍රියාකාරීත්වයේ ඇති වූ විශාල තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ලොව පුරා ප්‍රසිද්ධ වෙබ් අඩවි සහ යෙදුම් රැසක් තාවකාලිකව අක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව, ඇමසන්ගේ cloud සේවාව මත පදනම් වූ Amazon Prime, Perplexity, Fortnite, Alexa, සහ Snapchat වැනි ජනප්‍රිය යෙදුම් වල සේවාවන් බාධාට ලක්ව තිබේ.
අමතර ලෙස, සමහර බැංකු ගනුදෙනුකරුවන්ටද මෙම බිඳවැටීමෙන් බලපෑම් එල්ල වී ඇති බවද වාර්තා සඳහන් කරයි.