සෙනසුරාදා දිනයට සාපේක්ෂව මෙරට රන් මිල රු 5,000කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 356,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.
සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 360,800ක් ලෙස.
කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ සෙනසුරාදා දිනයේ දී රු. 390,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 385,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි