රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කෙහෙල්බද්දර පද්මේ” සමඟ පැවති සබඳතාවක් නිසා නිරූපන ශිල්පිනී පියුම්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (21) පැය 03ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
මෙසේ ප්‍රකාශ ගෙන තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන්
එම ඡායාරූපයේ පියුමි හංසමාලි ඇතුළත්ව තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් සිටි බවයි පොලිසිය වාර්තා කර තිබුණේ.
එමෙන්ම පද්මේ පියුමි හංසමාලි සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක් ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී හමුවී තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ එම ඡායාරූපයේ සිටින සෙසු රංගන ශිල්පිනියන් ද ඉදිරියේදී ගෙන්වා ප්‍රකාශ ලබාගන්නා බව යි.