පොලීසියේ අවංක නිලධාරීන් ආරක්ෂා කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පොලීසියේ ඉහළ පුටුවල වාඩි කරන ලද ඇතැම් නිලධාරීන් මෙන් නොව අවංක සේවකයන් රැක ගැනීම ආණ්ඩුවේ වගකිමක් ලෙස පැවසු නාමල් රාජපක්ෂ මෙසේද පැවසීය.
”පොලීසියේ අවංක නිලධාරීන් ඉන්නවා. ඒ අවංක නිලධාරීන් ආරක්ෂා කරන්න ඕනේ. අපි දැක්කා පහුගිය යහපාලන ආණ්ඩු වෙලාවේ නාරාහේන්පිට OIC ව දේශපාලනික වශයෙන් මෙහෙයවන්න උත්සහ කරන කොට ඔහු එයට විරුද්ධව යනවා. අපි දැක්කා වර්තමානයේ නාවික හමුදාපතිවරයාව අත්අඩංගුවට අරගෙන නඩුව අහන්න උත්සහ කරන කොට කළුතර හිටපු OIC මහත්තයා පොලීසියේ ආණ්ඩුවේ වුවමනාවට හැසිරෙන්නේ නැතුව අවංකව හිඳගන්නවා. ඒ වගේම මේ රටේ පොලීසිය ඇතුළේ අවංක දක්ෂ නිලධාරීන් ඉන්නවා. හැබැයි තමන්ගේ දේශපාලන වුවමනාවෙන් ගෙනල්ලා ඉහළ පුටුවල වාඩිකරපු නිලධාරීන්, දේශපාලන වේදිකාවේ ඉහළ තනතුරුවලට වාඩි කරපු සමහරු ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ට කරන්න පොලීසිය පාවිච්චි කරන්න ගිහිල්ලා අපේ හාමුදුරුවනේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව වගේම පොලිස් නිලධාරියාගේ ගෞරවය කෙළෙසනවා. එක පැත්තකින් වරායෙන් කන්ටේනර් පන්නනවා. අද වෙනකම් ආණ්ඩුවට හොයා ගන්න බැහැයි කියනවා කවුද කන්ටේනර් පැන්නුවේ කියල. තාම හොයනවලු. තමන්ගේ වරායෙන් පන්නපු කන්ටේනර් ගැන හොයාගන්න බැරිනම් එතනින් එහාට මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන තව මොනවද අපේ හාමුදුරුවනේ කතා කරන්න තියෙන්නේ.”














