රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් ජාතික හෙදියන්ට නිල ඇඳුම වෙනුවට තමන්ගේ සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදුන් අවසරය ගැන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර ඇත.
සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස වෙත යොමු කළ ලිපියකින් සඳහන් කර තිබෙන්නේ, රෝහල් හෙද නිල ඇඳුම ජාත්‍යන්තර ප්‍රමිතියක් මත නිර්මාණය කර ඇති නිසා එය වෙනස් කිරීම පිළිගත නොහැකි බවයි.
එහෙත් විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පැවසුවේ, මුස්ලිම් හෙදියන්ට තම සංස්කෘතික ඇඳුම ඇඳීමට නීතිමය බාධාවක් නොමැති බවයි.
ආනන්ද හිමියෝ තවත් අවධාරණය කළේ, ඇඳුම වෙනස් කිරීමක් වෙනුවට හෙද සේවාවේ ගුණාත්මකභාවය උසස් කිරීම සඳහා අවශ්‍ය විශාල ගැටළු බොහොමයක් විසඳා ගැනීමයි.














