අත්ලාන්තික් සාගරයේ වාර්තාගත බලවත්ම සුළි කුණාටුවක් වූ මෙලීසා නම් කුණාටුව ජැමෙයිකාවට ගොඩබිමට ඇතුළු වීමෙන් පසුව , සුළගේ වේගය අඩු විමක් දක්නට ලැබුණු බව එරට මාධ්‍ය පවසා සිටියා.
කැරිබියන් දූපත් වල උණුසුම් ජලයෙන් ලැබෙන ශක්තිය විසන්ධි වූයේ එය දිවයින හරහා ඊසාන දෙසට ගමන් කිරීමත් සමඟ විනාශකාරී සුළං සහ ගංවතුර වැසි ඇති කරමිනි.
5 වන කාණ්ඩයට අයත් වු මෙලිසා ක්‍රමක් ක්‍රමයෙන් පැයට සැතපුම් 125ක වේගයක් සහිතව 3 කාණ්ඩයට අයත් කුණාටුවක් ව
කියුබාව දෙසට ඇතුළු වි තිබෙනවා.
මෙය, 2017 දී ඉර්මා කුණාටුවෙන් පසු දිවයිනට පහර දෙන බලවත්ම කුණාටු වලින් එකක් වනු ඇති බවයි ඔවුන් පැවසුවේ.
ඉන්පසු මෙලිසා තවදුරටත් දුර්වල වී , නමුත් එය ඊසාන දෙසින් ගමන් කරන විට යම් වේගයකින් හමා තිබෙනවා.
මෙලිසා තවමත් 1 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස එහි ශක්තිය රඳවා තිබෙන බවත් එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) පවසා සිටියා.














