හොරණ, අක්කර 12, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ ඊයේ (02) දින රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සිද්ධියෙන් එක් අයෙක් මිය ගොස් තිබෙන බවයි පොලිසිය පැවසුවෙ.
පෞද්ගලික ආරව්ලක් හේතුවෙන් මෙලෙස වැඩි තැබීම සිදු කර තිබෙන අතර බෝර 12 වර්ගයේ ගිනි අවියකිනුයි මෙම වෙඩි තැබිම සිදු කර තිබෙන බව පොලිස් මුලික විමර්ශන වලදී අනාවරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට පලාගොස් සිටි සැකකරු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.














