ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් අන්වර්ථ නාමයෙන් “ලොකු පැටී” ලෙස හඳුන්වනු ලබන පුද්ගලයාගේ මුදල් කටයුතු භාරව සිටින්නෙකු වූ මෝදර මහදේවාලයේ කපුවා දිනේෂ් කුමාර විසින් රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම මුදල් හුවමාරු සඳහා කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව (HNB) ගිනුම් මඟින් ATM කාඩ් 7ක් භාවිතා කර ඇත. විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ ගිනුම් හරහා රුපියල් තිස්තුන්කෝටියකට වැඩි මුදලක් සංසරණය වී ඇති බවය.
එමෙන්ම, බන්ධනාගාරගතව සිටිය දී මුදල් හුවමාරු කටයුතු කළේ කෙසේද යන්න සම්බන්ධව විමර්ශන සිදු කිරීම සඳහා, බන්ධනාගාරගත රැඳවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID යට අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.
මෙම නඩුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවත්වනු ලබන අතර, එය අධිකරණය විසින් යළි කැඳවූ අවස්ථාවේ දී “ලොකු පැටී” නම් පළමු සැකකරු බූස්ස බන්ධනාගාරයෙන් WhatsApp තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් විය.
අනෙක් සැකකරුවන් වන දිනේෂ් කුමාර සහ තවත් එක් සැකකරු බන්ධනාගාරය මඟින් සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරිපත් කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් තුන්දෙනා ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කර තිබෙනවා.














