නිදාගැනීමේ දී මනස තුළ උත්පාදනය වන දෘශ්‍ය, ශ්‍රව්‍ය සහ හැඟීම් මතකයන් සහිත අත්දැකීම් අපි හීන කියලා කියනවා.
දිනපතා සිතන කරුණු, ආතතිය, හෝ බිය, මනෝභාවික අවශ්‍යතා මෙන්ම මනස විසින් අතීත මතක හා අනාගත බලාපොරොත්තු එකට මිශ්‍ර කිරීම සිහින ඇති වෙන්න බලපාන හේතුන් බවට පත් වෙනවා.
ඒ අතුරින් Lucid dreams කියන්නෙ තවත් අමුතුම සිහින වර්ගයක්
Lucid dreams කියන්නේ පැහැදිලි සිහිනයක්. මේ Lucid dream සිහින වර්ගයක් වන අතර එහිදී සිහින දකින්නා තම සිහිනය තුළ සිහින දකින බව වටහා ගන්න පුලුවන් විශේෂ තත්වයක්
මෙහි දී, පුද්ගලයා සිහින ලෝකයේ සිටියදීත් “මම දැන් සිහිනක් තුළ ඉන්නවා” යන්න අවබෝධ කර ගන්නවා. පැහැදිලි සිහින වලින් තුනෙන් එකක පමණ, නිදා ගන්නා පුද්ගලයාට සිහිනය අතරතුර සිදුවන දේට බලපෑම් කිරීමට හෝ පාලනය කරන්න පුලුවන්. මෙය මුලදී අමාරු උවත් හුරු වූ පසු ඔබට ඔනෑ ලෙස සිහිනය හැඩ ගස්වා ගත හැකියි.
ලුසිඩ් ඩ්‍රීම් පුරුදු කරන්නන් සිහින දිනපොත් ලිවීම , නිතරම සිහිනයක සිටී දැයි ඔබෙන්ම ප්‍රශ්න කිරීම මෙන්ම සිහින මෙනෙහි කිරීම සිදු කරනවා.
ලොව පුරා බොහෝ දෙනා ලුසිඩ් ඩ්‍රීමින් පුරුදු වන අතර ඔබ සිතන පතන දේ කළ හැකි ලොවකට නින්දේදී පිවිසිම ඔවුන්ගේ කැමැත්තයි.
මිනිසුන්ගෙන් 55% ක් පමණ තමන් සිහිනයක් මැද සිහින දකින බව වටහාගෙන තිබෙනවා. පැහැදිලි සිහින යනු සජීවී සිහිනවලට වඩා වෙනස් වන අතර , ඒවා පුද්ගලයෙකුට අවදි වූ පසු ඉතා විස්තරාත්මකව මතක තබා ගත හැකි සිහින වර්ගයකුයි. මිනිසුන් lucid dreaming කරන විට, ඊළඟට සිදුවන දේ ඔවුන්ට සමහර විට පාලනය කළ හැකියි, එබැවින් ඔවුන් සුපිරි වීරයෙකු මෙන් වාතය හරහා පියාසර කිරීම, මියගිය ආදරණීයයෙකු සමඟ කාලය ගත කිරීම හෝ ලොව පුරා සංචාරය කිරීම වැනි සැබෑ ජීවිතයේ දී ඔවුන්ට කළ හැකි යැයි සිතන දේවල් ඔවුන් සිහිනය තුලින් අත්විදිනවා.
පැහැදිලි සිහින දකින අය බොහෝ විට නැවත පැහැදිලි සිහින දැකීමට ක්‍රම සොයා ගැනීමට උනන්දු වෙති. පැහැදිලි සිහින නොදුටු අය පළමු වරට එවැනි සිහිනයක් දැකීමට උනන්දු වෙනවා. පැහැදිලි සිහින දැකීමට පෙළඹවිය හැකි ක්‍රම කිහිපයක් පර්යේෂකයන් සොයාගෙන තියෙනවා. නමුත් මෙම පුරුද්ද අවදානම් සහිත වෙන්නත් පුලුවන් කියල ඇතැම් විද්‍යාඥයන් මත පල කරන්නෙ. ඍණාත්මක අත්දැකීම් ඇතැම් විට, ඒවා ශාරීරික හා මානසික සෞඛ්‍යයට පවා අවදානම් ඇති කළ හැකි බවයි ඔවුන් පවසන්නේ. නමුත් ඇතැමුන් පැහැදිලි සාක්ෂි නොමැතිව මෙම සිහින වර්ගය දැකිම සම්බන්ධයෙන් කිසිදු හිතකර හෝ අහිතකර තත්වයන් ගැන මත පල කරලා නැහැ.















