ඩයලොග් ආසියාටා සමාගම සහ සමුද්‍ර පරිසර අධිකාරියගේ ඒකාබද්ධ සහයෝගයෙන්, රොබෝ තාක්ෂණය සහ 5G පද්ධතිය යොදා ගනිමින් ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක් හඳුන්වා දුන් අතර, එය ජලය මත පාවෙන ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉතා කාර්යක්ෂම ලෙස සොයාගෙන එකතු කිරීමට හැකි පරිසර හිතකාමී තාක්ෂණික නවෝත්පාදනයක් වේ.
නවම් මාවත බේරේ වැව කේන්ද්‍ර කරගනිමින් මෙම නවීන තාක්ෂණික යන්ත්‍රය හදුන්වා දුනි













