දිවයිනට නැගෙනහිර දිශාවෙන් පහළ මට්ටමේ වායුගෝලයේ කැළඹීමක් ගොඩනඟාගෙන පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ඒ අනුව, දැනට පවතින වැසි තත්ත්වය උතුරු සහ නැගෙනහිර පළාත්වල තවදුරටත් පවතිනු ඇති බවයි දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඊට අමතරව, උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වාරෙන් වාරයට වැසි ඇති වීමේ හැකියාව පවතින අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
තවද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු වල අවදානම අඩු කර ගැනීමට අවශ්‍ය අවධානම් මැදිම අනුගමනය කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි.














