ගුජරාටයේ භාව්නගර්හි අද උදෑසන විවාහ වීමට නියමිතව සිටි 22 හැවිරිදි කාන්තාවක්, ආහාර සහ මුදල් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් ආරවුලකින් පසු ඇගේ අනාගත සැමියා විසින් යකඩ බටයකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.
මියගිය තරුණිය 22 හැවිරිදි වියේ පසුවන අතර ඇය නමින් සෝනි රතෝඩ් (Soni Rathod)
මෙලෙස ඇයව ඝාතනර කර තිබෙන්නේ විවාහ වීමට සිටි 26 හැවිරිදි සජන් බරෙයියා නම් පුද්ගලයා විසින්.
පොලිසිය පැවසුවේ මෙම ඛේදජනක සිදුවීම විවාහය පැවැත්වෙන දිනයේ උදෑසන ඔවුන් දෙදෙනා අතර ආහාර සහ මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් හටගත් සිදුවීමක් බවයි.
කෝපයට පත් සජන්, නොහොත් ඇයගේ සැමියා යකඩ පයිප්පයක් ගෙන සෝනිගේ හිසට සහ සිරුරට නැවත නැවතත් පහර දී ඇති අතර, ඇගේ හිස බිත්තියක තදින් හැප්පවීමට ද කටයුතු කර තිබෙන අතර පහර දීමෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
පොලිසිය මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ.














