නැවත ජාතිවාදයට රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 18 දා පාර්ලිමේන්තුව් දි පවසා සිටියා.
අයවැය තෙවනවර කියවීමේ සභාවාරය වෙත පැමිණි අවස්ථාවකයි ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ
අපි ශක්තිමත් ස්ථාවරයක ඉන්නෙ
මේ ජාතිවාදයට ඉඩ දෙන්නෙ නෑ
හැම මහත්තයම තේරුම් ගන්න.
මම විතරක් නෙවෙයි
මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෑ
හින්දු, කතෝලික, මුස්ලිම් පොදු ජනතාවත්
ජාතිවාදයට ඉඩ දෙන්නෙත් නෑ
නැවත පැරණි ජාතිවාදී නාඩගම් කරන්න ඒක ඉතිහාසයම විතරයි
මේ මහත්තුරු හොදට තේරුම්ගන්න ඔ්නි.
රටේ අනාගතය ජාතිවාදය මත ලියවෙන්නෙ නැති බව ඒ මහත්තුරු තේරුම්ගත යුතුයි














