මෑතකදී බුද්ධි අංශය අපට රත්‍රං තොගයක් සොයාගෙන ලබා දුන් අතර, ඒවායේ නියමිත අයිතිකරුවන් සොයාගැනීම සඳහා අප උපරිම උත්සාහයක් ගත්තා. කෙසේ වෙතත්, දැන් ඒ අයිතිකරුවන් හඳුනාගැනීමට නොහැකි බව පැහැදිලි වී තිබෙනවා.
එනිසා, අපි තීරණයකට එළඹුනා මෙම රත්‍රං මුදල් කර පරිවර්තනය කර ඒ පළාතේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්න. මේ සඳහා සාධාරණ ක්‍රියාමාර්ග ගත යුතු බව අපි විශ්වාස කරනවා.
නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙවැනි තත්ත්ව යළි ඇති නොවීමට පරිසරය සැකසීමේ වගකීම ඇත්තේ අපට පමණයි. අපි ඒක කරනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට (18) පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි.














