මෙරට තරුණයෙකු විසින් විදේශිය කාන්තාවක් සදහා රහස් අවයව පෙන්වමින් අකටයුත්තක් සිදුකළ විඩියෝ පටයක් පසුගිය දින කිහිපය පුරා මෙරට මාධ්‍ය තුළ මෙන්ම විදේශ මාධ්‍ය තුළද පැතිර ගොස් තිබුණා.
සිද්දියෙන් අදාළ පුරුෂයා අත්අඩංගුවට ගැනුනා.
කෙසේ වෙතත් මේ විඩියෝපටය සමාජ මාධ්‍ය වෙත මුදා හැරි විදේශ කාන්තාව පවසා සිටියේ මෙම සිදුවීම එක් සිද්ධියක් පමණක් බවත් එක් අයෙකුගේ හැසිරීමෙන් එය නිර්වචනය නොකර සිටින බවයි.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙලෙසයි.
”මම මේ විඩියෝ එක ටික දවසකට කලින් අප්ලෝඩි කලා මම හිතුවේ විඩියෝ එක මේ තරම් පැතිරෙයි කියලා.ගැහැණු දරුවන්ට තනියම ට්‍රැවල් කරන්න පුලුවන් වෙන්න ඔිනි. මේ වගේ අය ලෝකේ කොහේත් ඉන්නවා. අපේ රටේ ඉන්නවා. නමුත් මම ඇත්තම දෙයක් කියන්නම් ලංකාව ගැන. තනියම සංචාරය කරන්න හොදම රටක් තමයි ලංකාව කියන්නේ. මට හම්බුන පරිත්‍යාගශීලි සහ හොඳ හැසිරීම් තියෙන ජනතාව ඉන්න රටක් ශ්‍රී ලංකාව කියන්නේ. මට ප්‍රශ්නයක් උන හැමවෙලේම ලංකාවේ මිනිස්සු උදව් කලා. මම මෙය විඩියෝ කරලා දවස් 4ක් ඇතුලත පොලිසියෙන් ඔහුව අත්අඩංගුවට අරන් තිබුනා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියට ස්තූතියි.













