පසුගිය දින බැද්දගාන තෙත්බිම් රක්ෂිතයේ සිට පාර්ලිමේන්තු පරිශ්‍රයට නාගයෙක් පැමිණ ඇති බව අනාවරණ වුණා.
දියවන්නා ඔය හරහා පැමිණි මෙම නාගයා, පාර්ලිමේන්තු භූමියට ඇතුළුව ගොඩනැගිලිවල ඇති රළු බිත්ති අසුරෙන් ඉහළට නඟ දෙවැනි මහලේ පිහිටි කතානායක කාර්යාලයටම ළඟා වී තිබෙන බවයි වාර්තා වුණේ.
නාගයා හමු වූ වහාම ආරක්ෂක සේවා නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ උද්‍යාන අංශයේ නිලධාරීන් ක්‍රියාත්මක වී, සුරක්ෂිත ලෙස ඔහුව රක්‍ෂිතයට යළිත් භාර දී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණය තෙත්බිම් රක්ෂිතයට සමීපව පිහිටි නිසා, දියවන්නා ඔය හරහා සර්පයන් මෙසේ ඇතුල්වී යාම අහඹු නොවන බවයි නිලධාරින් පවසන්නේ.
මේ අතර අද (20) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මෙම සිදුවීම සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් විමසීය. ඔහු කියාසිටියේ, කතානායක කාර්යාලයට නාගයෙක් පැමිණ ඇති බවත්, එම නාගයා කතානායකට දෂ්ට්‍ර කළේ නම් විශාල ප්‍රශ්න ඇතිවිය හැකි බවත්, ඒ නිසා ආරක්ෂාව අතිවිශේෂයෙන් සලකා බැලිය යුතු බවත්ය.
තවද, ඇන්ටි-වෙනම් ඖෂධය පාර්ලිමේන්තුවේ තිබේ දැයිද ඔහු විමසා ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එතැන සිටින සියලු දෙනා සර්පයන්ගෙන් සුරක්ෂිතව තබාගත යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.













