දිවයින පුරා ක්‍රියාත්මක වන වර්තමාන වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීම බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (25) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලද, එමෙන්ම හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් අනෙක් ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි සිදුවිය හැකි අතර, අනෙක් ප්‍රදේශවල මි.මී. 75 ට වැඩි තද වැසි ලැබිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු බලපෑම්වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස යි දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දි තිබෙන්නේ














