දිවයිනේ පැවැති වැසි තත්වය මේ වන විට පහව යමින් පවතිනවා.
ඒ අනුව උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් තවදුරටත් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ කළුතර සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 ක් පමණ වනු ඇති.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීමේ ප්‍රවනතාවයක් පවතිනවා.
එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.














