ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ (08) සිට තවමත් විවෘතව පවතින බව වාර්තා වනවා.
ජලාශයේ ජල මට්ටම සාමාන්‍ය පරාසයේ තබා ගැනීමට මෙම පියවර ක්‍රියාත්මක කර ඇති අතර, මේ වනවිට ජල පෝෂක ප්‍රදේශවල සුළු වර්ෂා තත්ත්වයක් ද පවතින බව සඳහන්.
ඒ අනුව මෙලෙස වාන් දොරටුව විවෘත තබාගෙන යන බවයි ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටින්නේ.













