කාලගුණ දෙපාර්තමේන්තුව පවසන පරිදි , ඊසානදිග මෝසම් තත්ත්වය දැනට දිවයින පුරා ස්ථාපිත වී පවතිනවා.
ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ක් ඉක්මවන තද වැසි ඇති විය හැකි බවත් සඳහන් වේ.
තවද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක් පමණ තද වැසි අපේක්ෂා කරයි.
දිවයිනේ අනෙක් ප්‍රදේශවල පස්වරු 1.00 ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවද පවතියි.
ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක තද වැසි ඇතිවීමේ ඉඩකඩ පිළිබඳවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානය යොමු කරයි.
එමෙන්ම, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල පැ.කි.මී. 30 සිට 40 දක්වා වේගයෙන් තද සුළං හමන හැකියාවද පවතින බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය සුරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.














