අද (12) දිනට නිකුත් කළ කාලගුණ අනාවැකිය අනුව, උතුරු සහ උතුරු-මැද පළාත්වලටත් පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව පවසනවා.
ඒ අනුව උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවල මි.මී. 50 පමණ තද වැසි ඇති විය හැකි බවත්, ඌව පළාතේද මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවල මි.මී. 75 දක්වා තද වැසි ලැබිය හැකියි.
සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල අළුයම මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද සඳහන්
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් නිකුත් කර තිබෙනවා.














