ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රාත්‍රී කාලය තුළ වාහන ධාවනය කිරීමෙන් වැලකී සිටින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.
මෙලෙස පවසා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය වන තුෂාරි තෙන්නකෝන් මහත්මියයි
ඇය සඳහන් කළේ, මාර්ගය වෙත යළිත් විවෘත කළ පසු කටුකිතුල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවත්, පැවති හා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයේ තවදුරටත් පස් කදු කඩා වැටීමේ අවදානම ඉහල බවත්ය.
ඒ හේතුවෙන්, රාත්‍රි කාලයේ දී මාර්ගය භාවිතයට ගැනීම සඳහා ඇති අවදානම් අවම කිරීමේ අදහසින් මෙම ඉල්ලීම කරන ලද බව දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් පවසා තිබෙනවා.














