මහනුවර උඩදුම්බර ප්‍රදේශයට මි.මී. 300 ඉක්මවූ වර්ෂාපතනය ලැබිමත් සමග නායයෑම් කිහිපයක් වාර්තා වී තිබෙනවා.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම තත්ත්වය මත නායගොස් තිබෙන්නේ උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ බවයි.
නායයෑමට ලක් වු ප්‍රදේශයේ ජනතාව ඉතා ඉක්මනින් ඉවත් කල බවත් වසන්ත සේනාධිර මහතා පැවසුවා.














