සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් සෝමාවතිය පුද බිම වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස යි පොලීසිය දැනුම් දී තිබෙන්නේ.
ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මෙලෙස නවතා තිබෙනවා.
ඊයේ දහවල් සිටයි මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හිටුවීමට පොලිසීය පියවර ගෙන තිබුණේ.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ ඊයේ දිනයට සාපේක්ෂව මෙම මාර්ගය තවදුරටත් ජලයෙන් යට වී ඇති බවයි.
එමෙන්ම මේවනවිට සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් අඩි 03කට වැඩි ප්‍රමාණයක් යටවී තිබෙනවා.













