බීමත් සහ අපරික්ෂාකාරී රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගෙන තිබෙනවා.
මෙම වසරේ මාර්ග අනතුරු ඉහළ යාම සැලකිල්ලට ගනිමිනුයි පොලිස් දෙපාර්තමේන්තුව මෙම නව තීරණ කිහිපය ගෙන තිබෙන්නේ.
අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර අපරික්ෂාකාරී ලෙස රිය පදවන පුද්ගලයන්ට එරෙහිව සාමාන්‍ය රථවාහන නීතියට අමතරව, ඉදිරියේදී අපරාධ නීතිය යටතේ ද දැඩිව කටයුතු කරනු බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.
මීට ප්‍රධාන හේතුව මෑතකදී සිදුවූ දරුණු අනතුරු බොහොමයකට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය සෘජුවම බලපා ඇති බවත් ඔවුන් පැවසුවා.
කෙසේ වෙතත් මෙම විශේෂ නියෝගය නව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා
රථ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා වැඩිදුරටත් පැවසුවේ,
“ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මාර්ග රිය අනතුරු 271කින් වැඩිවෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 317කින් වැඩිවෙලා තියෙනවා. නමුත් බරපතළ අනතුරු ගත්තාම සාමාන්‍යයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව අපේ රියදුරු මහතුන්ගේ තියන නොසැලකිල්ල, අනවධානය වගේ හේතුන් මේකට විශේෂයෙන් බලපාලා තියෙනවා. දැන් අපි ගත්තාම දෛනික මාරක අනතුරු අධ්‍යනය කිරීමේදී වැඩි වශයෙන්ම මාර්ග අනතුරුවලට භාජනය වෙන්නේ විශේෂයෙන් පදිකයෝ. පදිකයෝ 31%ක ප්‍රමාණයක් වාර්ෂිකව අනතුරුවලට භාජනය වෙනවා. ඒ වගේම යතුරුපැදිකරුවන්, පසුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන්. අපිට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි වාහන පාවිච්චි කරන රියදුරන් බොහෝ අය මේකට හේතුවක් වෙනවා මත්ද්‍රව්‍ය සහ බීමත්කම. ඉදිරියේදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ අනවධානයෙන් අන්තරාකාරීව රිය පදවලා තියෙනවානම් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කරන්න පොලිස්පතිවරයා දැනුම්දීලා තියෙනවා.”














