• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙළයේ ගීත කෝකිලාවියට මහින්දගෙන් සංවේදී සටහනක්

29 December 2025
in දේශීය, පුවත්, වෙනත්
හෙළයේ ගීත කෝකිලාවියට මහින්දගෙන් සංවේදී සටහනක්
0
SHARES
28
VIEWS
Share on FacebookShare on Twitter

කලාශූරි ලතා වල්පොල මහත්මිය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

– උපුටා ගැනීම –

“ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති. කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී. මාගේ ජීවිතය ගෙවුණේ දේශපාලනය තුළ ය. ඒ නිසාම අප කියන කරන දේ බොහෝ දෙනෙකු දකින්නේ දේශපාලනික කෝණයෙනි. එහෙත් සියල්ල දේශපාලනයම නොවේ. අප තබන සටහන් සාම්ප්‍රදායික දේශපාලනික සටහන් පමණක් ම නොවේ. අපගේ මතකයන්, අත්දැකීම්, හැඟීම් සහ විශේෂයෙන්ම එම චරිත කෙරෙහි ඇති ගෞරවය එම සටහන් අතර සැඟව පවතී. අප කුඩා කළ සිටම දුටු, අප සමඟම උස් මහත් වූ එම දැවැන්ත චරිත කෙරෙහි අපට ඇත්තේ ලෙංගතු බැඳීමකි.

මා හා සමකාලීන බොහෝ දෙනෙකුට මෙම හැඟීම දැනෙනා බව මාගේ විශ්වාසයයි. කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ ගායනයන් පරම්පරා ගණනක හැඟීම් සමඟ බැඳී පවතී. අප කුඩා කල දුටු කළු සුදු චිත්‍රපට ඇගේ හඬින් වර්ණවත් විය. කළු සුදු තිරයේ ද, වර්ණ තිරයේ ද වෙනසක් නොමැතිව අපි ඇගේ කටහඬ ඇසුවෙමු. දේශාභිමානී ගීත ඇය අභිමානයෙන් ගැයුවාය.

කිතුනු ගායනා සහ බොදු බැති ගී ඇය සම භක්තියෙන් ගැයවාය. දරු නැළවිලි ගයද්දී මව්වත් ගුණය ඇගේ ගායනයෙන් ද දැනුනි. එකල තරුණ වයසේ සිටි මා ඇතුළු සමකාලීන පරම්පරාව ආදරය, විරහව, තාරුණ්‍යය වැනි විවිධ හැඟීම් ඇය විසින් ගයන ලද ගීත ඇසුරින් විඳි බව, ඇයට ගෞරවයක් ලෙස සටහන් කරමි. එමෙන්ම, අද මෙන් කෙටි පණිවිඩ නොතිබි එම කාල වකවානුව තුළ ඇය විසින් ගායනා කරන ලද ගී පද පේළි තරුණ පරම්පරාව විසින් ලිපි මාර්ගයෙන් තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ද යොදා ගත් බව මට හොඳින් මතකය. මාලනී ෆොන්සේකා මහත්මිය සහ රවීන්ද්‍ර රන්දෙණිය මහතා රංගනයේ යෙදෙන වසන්තයේ දවසක් චිත්‍රපටයට අයත් “දේදුන්නෙන් එන සමණලුනේ” ගීතය හා ජනක සහ මංජු චිත්‍රපටයේ ඇතුළත් “ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ” වැනි ගීත ඒ අතර ඉහළින්ම තිබුණි. එම පරම්පරාවන්ට අයත් සගයන්ට තුරුණු බවින් පිරි තම නිර්මාණශීලී කටයුතු තවමත් අමතක නැතැයි සිතමි. එම මතකයන් ඉතා රසවත් මෙන්ම පැහැදිලිය. එම ගීත චිත්‍රපට කෙරෙහි ජනතාව ආකර්ෂණය කරමින් වාණිජමය වශයෙන් සාර්ථක වීමට ද හේතු විය. එම අපූරු මතකයන් සිහිපත් කරමින් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඇය කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් මාගේ ගෞරවය පුද කරමි. යුගයක් නිර්මාණය කරමින් යුග ගණනාවකට මතකය ඉතිරි කළ හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලද කලාශූරී ලතා වල්පොළ මහත්මියට මොක් සුව ප්‍රාර්ථනා කරමි.

වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කරමින් කලාශූරී, දේශමාන්‍ය වැනි රාජ්‍ය සම්මානයන්ගෙන් මෙන්ම දශක ගණනාවක් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ අමර හඬ ලතාවට මම ගෞරවයෙන් සමු දෙමි.”

– උපුටා ගැනීම අවසන් –

Post Views: 30
Previous Post

එළියට බහින්නෙපා – කොළඹ, ගම්පහ විශේෂයි

Next Post

අදත් හවසට වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අදත් හවසට වැසි

අදත් හවසට වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

20 January 2026
78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

20 January 2026
“බාල ගල්අඟුරු ගැන චෝදනා ඔප්පු කරන තෙක් පිළිතුරු දීමට රජය සූදානම් නැහැ” – ඇමති ධම්මික පටබැඳි

“බාල ගල්අඟුරු ගැන චෝදනා ඔප්පු කරන තෙක් පිළිතුරු දීමට රජය සූදානම් නැහැ” – ඇමති ධම්මික පටබැඳි

20 January 2026
ආණ්ඩුව කල යුත්තේ දුන් පොරොන්දු ඉටු කිරීම මිස මගෙ ශර්ට් එකේ ගාන හදන එක නෙවෙයි – නාමල්

ආණ්ඩුව කල යුත්තේ දුන් පොරොන්දු ඉටු කිරීම මිස මගෙ ශර්ට් එකේ ගාන හදන එක නෙවෙයි – නාමල්

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

20 January 2026
78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved