පොලිස් නිලධාරීන් කියන්නේ මහජනතාවගේ ආරක්ෂකයෝ වුණත්, ඉපලෝගම ප්‍රදේශයෙන් වාර්තා වන මේ සිදුවීම ඇහුවාම නම් ඇඟ කිලිපොලා යනවා. තමන්ගේ වෙළඳසැලට වුණු හානියක් ගැන පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය ව්‍යාපාරික කාන්තාවකට, ඉපලෝගම OIC ගෙන් අදහාගත නොහැකි කරදරයකට මුහුණ දෙන්න වෙලා කියලා දැන් තොරතුරු වාර්තා වෙනවා.
“කෑගැහුවොත් බල්ලා හපයි!” සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. අදාළ කාන්තාවගේ පැමිණිල්ල විභාග කරන්න උදව් කරන මුවාවෙන් ඇයගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන තියෙනවා. ස්ථානාධිපතිවරයා, දිගින් දිගටම ඇයට කෝල් කරලා තියෙනවා. පහුගිය දෙසැම්බර් 04 වෙනිදා රෑ OIC කියල තියෙන්නෙ “මගේ නිල නිවසට කට්ටියක් එනවා, කෑම ටිකක් හදලා දෙන්න එන්න” කියලා.
පොලිස් ලොක්කා කරපු උදව් මතක් කරලා ඇයත් උදව්වට ගිහින්. හැබැයි නිල නිවසට ගියාමයි තේරිලා තියෙන්නේ ඒක ලොකු උගුලක් කියලා. “මම බොරුවක් කළේ” කියලා කියපු OIC, ගෙදර ඉන්න බල්ලව පෙන්වලා “කෑගැහුවොත් බල්ලා හපයි” කියලා තර්ජනය කරලා බලහත්කාරයෙන් ඇයව කාමරයකට ඇදගෙන ගිහින් අතවර කළා කියලා ඇය කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරලා තියෙනවා.
මේ ගැන මාධ්‍ය විමසද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්. යූ. වුඩ්ලර් මහතා පවසා සිටියේ, සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ මේ ගැන විශේෂ පරීක්ෂණයක් දැනටමත් පටන් අරන් තියෙන බවයි. පොලිස් නිලධාරියා වැරදිකරු වුණොත් කිසිම සමාවක් නැතුව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සහතික වෙලා තියෙනවා.














