මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තමේන්තුව සඳහා ජල පොම්ප මිලදී ගැනීමේදී රුපියල් කෝටි 7යි ලක්ෂ 40ක (මිලියන 74) මූල්‍ය වංචාවක් සිදුව ඇති බව මහනුවර පොදුජන දේපොළ සුරැකීමේ සංවිධානය අනාවරණය කරයි.
රුපියල් මිලියන 39ක අවම ලංසුවක් ඉදිරිපත් කළ ආයතනය පසෙකලා, රුපියල් මිලියන 113ක අධික මිලක් ඉදිරිපත් කළ ආයතනයකට ටෙන්ඩරය ලබා දීමට නිලධාරීන් කටයුතු කර ඇත.
ටෙන්ඩර් පිරිවිතර හිතාමතාම විකෘති කිරීම සහ කූට ලේඛන සකස් කිරීම හරහා මෙම වංචාව සඳහා පසුබිම සකසා ඇති බවට චෝදනා එල්ල වේ.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා පැවැති මහ සභා රැස්වීමේදී, අත්දැකීම් අඩු සභිකයින් මුලා කරමින් මෙම ගනුදෙනුව සඳහා අනුමැතිය ලබාගෙන තිබේ.
මෙහිදී විශ්‍රාමික ඉංජිනේරුවරයෙකු විසින් අදාළ සමාගම වෙනුවෙන් සිදුකර ඇති අසාමාන්‍ය ඇගයීම පිළිබඳවද එම සංවිධානයේ ලේකම් අනුර කුමාර ගෝනවල මහතා කරුණු ඉදිරිපත් කළේය. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 168ක මහජන මුදල් වැය කිරීමට නගර සභාව සූදානම් වන බව ද මෙහිදී අනාවරණය විය.













