හිටපු ජනාධිපති රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් CIDය ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාරගතව සිටියදී කොළඹ ජාතික රෝහලේදී ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
2023 වසරේ ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් මතයි ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියේ.
බන්ධනාගාරගතව සිටියදී ඔහු රෝහල්ගත කිරීමට පදනම් වූ රෝගී තත්ත්වය සහ ඒ වෙනුවෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තාවල නිවැරදිභාවය තහවුරු කිරීමට වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීම මෙම විමර්ශනයේ අරමුණ වී තිබෙනවා.
මේ වන වවිට වෛද්‍යවරුන් ලබාදුන් ප්‍රකාශ මත පදනම්ව විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.














