ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ආරක්ෂක කටයුතු පිළිබඳ වාර්තාකරණයේදී ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටි ඉක්බාල් අතාස් (Iqbal Athas) මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ අද (13) අලුයමයි.
මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසු වුණා.
මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා ‘සන්ඩේ ටයිම්ස්’ (The Sunday Times) පුවත්පතේ උපදේශක කර්තෘවරයෙකු ලෙස සේවයෙහි නිරත වුණා.
අභාවප්‍රාප්ත අතාස් මහතාගේ දේහය අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදිය, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරන නිවසේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල මුස්ලිම් මහා පල්ලිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.














