ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
විස්තීර්ණ අරමුදල් පහසුකමේ (EFF) 5 වන සමාලෝචනය පිළිබඳව නැවත සාකච්ඡා කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මීට පෙර මෙම සමාලෝචනය අවසන් කර දෙසැම්බර් 15 වනදා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබුණද, ශ්‍රී ලංකා රජය “කඩිනම් මූල්‍ය පහසුකමක්” ඉල්ලා සිටීම හේතුවෙන් එම රැස්වීම කල් දමනු ලැබීය.
රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තුමේන්තුව සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා IMF වැඩසටහන තීරණාත්මක වන අතර, මෙම 5 වන සමාලෝචනය සාර්ථක වීම මීළඟ ණය වාරිකය නිදහස් කර ගැනීමට අත්‍යවශ්‍ය වේ.














