කඩුවෙල-කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහනවලට උපකරණයකින් පහර දී අලාභහානි සිදුකළ යතුරුපැදිකරුවෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) සවස සැකකාර යතුරුපැදිකරු තම අත තිබූ උපකරණයකින් මාර්ගයේ ධාවනය වූ වාහනවලට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැඩි ලෙස කතාබහට ලක්විය.
සිද්ධිය දුටු වහාම ක්‍රියාත්මක වූ වැලිකඩ පොලිස් නිලධාරීන් සැකකරු හඹා ගොස් කෙටි වේලාවක් තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
පොලිස් පරීක්ෂණවලට අනුව මොහු විසින් වාහන 04කට අලාභහානි සිදුකර තිබේ.
සැකකරු අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














