හෙට සිට දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තරමක් දුරට අඩු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි. ඉදිරි කාලගුණ තත්ත්වය ලෙස ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත් විටින් විට වැසි ස්වල්පයක් ඇති විය හැකි බව පවසනවා.
එමෙන්ම බස්නාහිර පළාත, ගාල්ල, මාතර සහ රත්නපුර සවස් කාලයේ දී (ප.ව. 2.00න් පසු) ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ ලෙස ප්‍රධාන වශයෙන් වැසි රහිත, වියළි කාලගුණයක් පවතිනු ඇති බවයි පවසන්නේ.
අළුයම් කාලයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.














